වයස අවුරුදු 20 ට වැඩි පිරිසට බුස්ටර් එන්නත් මාත්‍රා


 

වයස අවුරුදු 20 ට වැඩි පිරිසට බුස්ටර් එන්නත් මාත්‍රා

Share Button

වයස අවුරුදු 20 ට වැඩි පිරිසට කොවිඩ් ප්‍රතිශක්තිකරණ බුස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අඛණ්ඩව සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. හාරලක්ෂයකට ආසන්න පිරිසකට එම එන්නත් මාත්‍රාව ලබාදී තිබේ. කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති සංඛ්‍යාව එක්කෝටි 37 ලක්ෂයකට අධිකය. එක්කෝටි 59 ලක්ෂයකට වැඩි පිරිසකට එහි පලමු මාත්‍රාව ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාතයංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි. රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පවති. දැනට 17 දහස් 471 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති. සුවය ලැබු සංඛ්‍යාව පන්ලක්ෂ 27 දහස ඉක්මවා තිබේ. පන්ලක්ෂ 59 දහසකට වැඩි පිරිසක් කොවිඩ් රෝගීන් ලෙස හදුනාගෙන ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

No comments:

Post a Comment