2022 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට


 

2022 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට



2022 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ වෙයි. එය ලබන මස 10 වැනිදා දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ පස්වරුවේ පැවැත්විණ. එය වැඩි ඡන්ද 93 කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 153 ක් ලැබුණු අතර විරුද්ධව හිමි වුයේ ඡන්ද 60 ක් පමණි.

ශ්‍රීී ලංකා පොදුජන පෙරමුණ ඇතුඵ ආණ්ඩුවේ පක්ෂ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට පක්ෂව ඡන්දය භාවිත කළේය. සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඇතුඵ විපක්ෂයේ පාර්ශ්ව විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට විරුද්ධව ඡන්දය භාවිත කළේය.

තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 10 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වෙයි.

No comments:

Post a Comment