ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්න ලෙස දන්වා පොලිස්පතිට සිතාසි


 

ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්න ලෙස දන්වා පොලිස්පතිට සිතාසි

Share Button

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි දීමට ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩූල්ල විසින් වත්මන් පොලිස්පති සි බී වික්‍රමරත්න මහතා වෙත සිතාසි නිකුත් කරයි. මෙම නඩු විභාගය සිව්වන දිනටත් අද කැඳවා තිබුනි. රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් අද සාක්ෂි විමසීය. එහිදි ඔහු ප්‍රකාශ කලේ ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට ලැබුනු බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට යොමුකල ද ක්‍රියාත්මක වීම සඳහා ඔවුන් අදාල අංශ වෙත නියෝග නිකුත් නොකල බවයි. එම බුද්ධි තොරතුරු මත සකස් කල වාර්තා 4 ක් ඔහු අධිකරණයට ඉදිරිපත් කලේය. ඊයේ දිනයේදි ඔහු ලබාදුන් සාක්ෂි මත හරස් ප්‍රශ්න ඇසීම ද සිදුවිය. සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ ප්‍රහාරය වලක්වා ගැනිමට යහපාලන රජයේ ඉහළ නිලධාරින් සහ ආරක්ෂක නිලධාරින් ක්‍රියා නොකල අතර ඇඳිරිනිතිය පනවා හෝ එම ප්‍රහාරය වලක්වා ගැනිමට අවස්ථාව තිබු බවයි. ප්‍රහාර සිදුවීමට පැය කිහිපයකට පෙර නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා නොගැනිම සම්බන්ධයෙන් තමාට වගකිම භාරගත නොහැකි බව නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.

No comments:

Post a Comment