වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බුස්ටර් එන්නත ලබාද්ීම අවසන් වු පසු වයස අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයින්ට බුස්ටර් එන්නත ලබාදීම ආරම්භ කෙරේ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ මේ වනවිට මෙරට ජනගහණයෙන් සියයට 75කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවයි. එවැනි ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ ලෝකයේ රටවල් කිහිපයක් පමණි. අවුරුදු 60 ඉක්මවු වැඩිහිටි ප්‍රජාවට බුස්ටර් එන්නත ලබාදීම මේ දිනවල සාර්ථකව සිදු කෙරෙමින් පවතියි. කොවිඩ් මර්දන එන්නත් මිලියන දාහතරහාමාරක් මේ වනවිට රජය ඇනවුම් කර තිබේ. මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් හිගයකින් තොරව ලබාදිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
තුන් වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත වශයෙන් ලබාදෙන්නේ ෆයිසර් එන්නත පමණි. ඒ සදහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් කර ඇත. තුන්වන මාත්‍රාව වශයෙන් වෙනත් එන්නතක් ලබාදීම කෙරෙහි මෙතෙක් සලකාබලා නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. හෙතෙම මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. තුන්වන මාත්‍රාව ලබාදිමේදී ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ බස්නාහිර හා දකුණු පළාත්වලටත් අම්පාර හා අනුරාධපුරය යන දිස්ත්රික්කවලටත්ය. කිසිඳු ප්‍රදේශයක් රතු කලාපයක් ලෙස නම් කිරීම හෝ වසා දැමිම පිළිබඳව මෙතක් තිරණය කර නැත.

No comments:
Post a Comment