අමෙරිකානු ඩොලර් බිලියන 5 යි දශම 26 ක සෘජු විදේශ ආයෝජන


අමෙරිකානු ඩොලර් බිලියන 5 යි දශම 26 ක සෘජු විදේශ ආයෝජන

Share Button

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත 2021 වසරේ සිට 2023 වසර දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 5 යි දශම 2 යි 6 ක සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරයි. ව්‍යාපෘති 45 ක් පදනම් කරගනිමින් මෙම නව සැලසුම් සකස් කෙරේ. මිශ්‍ර සංවර්ධනය. නේවාසික කුඑණු. ආගන්තුක සත්කාර සහ විවේක. කාර්යාල කුඑණු. බහුමහල් රථගාල් සංවර්ධනය ආදි කාණ්ඩ යටතේ එම ව්‍යාපෘති වර්ග කර තිබේ. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික් සිමාව තුල අමෙරිකානු ඩොලර් මිලියන 4 යි දශම 2 කින් ආයෝජනය කෙරෙන ව්‍යාපෘතියකි. නේවාසික කුඑණු සංවර්ධනය නගරික සංවර්ධන අධිකාරියේ ආයෝජනයෙන් ක්‍රියාත්මක වන අතර එහි සමස්ථ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 346 කි. මේ යටතේ ප්‍රධානතම ආයෝජන ව්‍යාපාර සඳහා සුදුසු පරිසරියක් ආයෝජකයන්ට හිමිකරදිම සහතික කෙරේ. ඒ අනුව යෝජිත සියලු සංවර්ධන ව්‍යාපෘති යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 6 ක ඉලක්කයක් දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් අපේක්ෂා කරයි.

No comments:

Post a Comment