තවත් කොවිඩ් ආසාදිතයින් 697 දෙනෙක් අලුතින් හදුනා ගැනෙති


 

තවත් කොවිඩ් ආසාදිතයින් 697 දෙනෙක් අලුතින් හදුනා ගැනෙති



ඊයේ දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 697 දෙනෙකු හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා මෙරටදි හදුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ පණස් හයදහස් 626 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 381 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව මෙරට සම්පුර්ණ සුවය ලැබු කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ විසි හයදහස් 734 කි. පසුගිය විසි වෙනිදා සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ 19 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කෙරිණි. එම මරණ සංඛ්‍යාව ද සමග මෙරට සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දා හතර දහස් 127 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 19 ක් අද හා හෙට දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. දෙසැම්බර් මාසයේ සිට සතිපතා එන්නත් මාත්‍රා තිස් ලක්ෂය බැගින් දිවයිනට ලබාදිමට ෆයිසර් සමාගම එකගතාව පලකර තිබේ. පසුගිය දා මෙරටින් හදුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ නව උප ප්‍රභේදය තරුණ පිරිස් සහ පාසල් ළමුන් අතර පැතිර යන බවට නිරික්ෂණය වි ඇත. එබැවින් නිරතුරුව සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව කටයුතු කිරිමේ අවශ්‍යතාව ඒ මහතා අවධාරණය කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය තවමත් තුරන්වී නැති බැවින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් අනුගමනය කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි. මේ වනවිට රෝගීන්ගේ වැඩිවීමක් දැකගත හැකිය. වෛරසය තවදුරටත් සමාජය තුළ පවතින හෙයින් සාමාන්‍ය ජිවිතයට පිවිසිම සදහා තවත් කාලයක් බලා සිටිය යුතු බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි. පාසල්වල සියලු ශ්‍රේණි අද සිට යලි ආරම්භ කිරීමත් සමග සියලු දෙනා මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ඇය සදහන් කරයි. පාසල්වලදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කර තිබේ. මෙහිදී අප සැවොම පෞද්ගලිකව තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණය කරයි

No comments:

Post a Comment