වැලිකඩ බන්ධනාගාරයේ වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහළින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 05ක් බන්ධනාගාර නිලධාරින්ට හමුවී තිබේ.
ඊයේ (29) පස්වරු 04.25ට පමණ එම පාර්සලය හමුව ඇති බව බන්ධනාගාර බලධාරීන් පැවසීය.
එම පාර්සල් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය යැයි සැකකළ හැකි කුඩා පැකට් 05ක්, ජංගම දුරකථන 01ක්, ජංගම දුරකථන චාජර් 01ක් සහ ජංගම දුරකථන බැටරි 05ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද තහනම් ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
No comments:
Post a Comment