
අයහපත් කාලගුණය තවදුරටත්
උතුර උතුරුමැද වයඹ බස්නාහිර සබරගමුව නැගෙනහිර ඌව මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට ගිනිකොණ දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහල වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය අඩු පිඩන තත්ත්වයක් දක්වා වර්ධනයවී දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථාන ගතව පවති. මේ නිසා දිවයිනපුරා අහස වළාකුලින් බරව පවතිනු ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය සදහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවත් සතියක් දිවයිනට බලපානු ඇති බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇති වන තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.





No comments:
Post a Comment