නාට්ටාමිවරු විරෝධතාවයක


 

නාට්ටාමිවරු විරෝධතාවයක

නාට්ටාමිවරු විරෝධතාවයක



භාණ්ඩ හුවමාරුව සඳහා තමන්ට ලබාදෙන කුලිය රුපියල් 15ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා කොළඹ නාට්ටාමිවරු විරෝධතාවක නිරත වුහ.

ඔවුන් ප්‍රකාශ කළේ, භාණ්ඩ පැටවීමේදී සහ ගොඩබෑමේදී දැනට ගෙවන මුදල ප්‍රමාණවත් නොවන බවය.

"අපිට බාන්න 15යි පටවන්න 15යි කුලිය ඕනේ. අපි සාධාරණයක් ඉල්ලන්නේ. අද රටේ වියදම වැඩියි. හෝටලයකින් ගිහිල්ලා තේ එකක් බොන්න ගියොත් රුපියල් 30යි. දවසින් දවස හාල් මිල වැඩියි. ඒ හින්දා අපිට අපේ ජීවිතේ ගෙනියන්න අමාරුයි."  

ප්‍රශ්නය - දැනට කීයක් හම්බෙනවාද ? 

නාට්ටාමිවරු - "දැනට රුපියල් 10යි, 8යි, 6යි. එහෙම තමයි දෙන්නේ. ඒ අයට හිතෙන විදිහට දෙනවා. අපි ඉල්ලනේ පටවන්න 15යි බාන්නයි 15ක්. අපි වැඩ කරන්නේ නැහැ. පිටින් කවුරු ආවත් වැඩ කරන්න දෙනේනේත් නැහැ."

ඒ සම්බන්ධයෙන් වෙළෙඳුන් ප්‍රකාශ කළේ නාට්ටාමීවරුන්ගේ ඉල්ලීම ඉටුකළ හැකි තත්ත්වයේ පවතින බවය.

ප්‍රශ්නය - දෙන්න පුළුවන්ද ? 

වෙළෙඳුන් - "දෙන්න බැහැ. අපේ සංගමයක් තියෙනවානේ ඒකෙන් කථා කරලා තීරණ කරලා දෙනවා."

No comments:

Post a Comment