කොවිඩ් පරදවමින් දරිද්‍රතාව සහ අසමානතාව ලොව ප්‍රධානතම අර්බුදය බවට පත්වෙයි


 

කොවිඩ් පරදවමින් දරිද්‍රතාව සහ අසමානතාව ලොව ප්‍රධානතම අර්බුදය බවට පත්වෙයි





කොවිඩ් 19 වසංගතය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට පත් කරමින් ලොව ප්‍රධානතම අර්බුදය බවට දරිද්‍රතාවය සහ අසමානතාව පෙරමුණට පැමිණෙයි. ලොව දෙවෙනි ප්‍රධානතම අර්බුදය විරැකියාවයි.

ප්‍රංශය මූලස්ථානය කොට ගත් ගෝලීය වෙළඳපොල සමීක්ෂණ ආයතනයක් වන ඉප්සොස් ආයතනය කළ සමීක්ෂණයකට අනුව ලෝකයේ පුද්ගලයන්ගෙන් සියයට 33 ක් පවසා ඇත්තේ දරිද්‍රතාව සහ අසමානතාව ලොව අංක එකේ අර්බුදය බවයි.

කොවිඩ් වසංගතය තුන්වන ස්ථානයේ පසුවන අතර මූල්‍ය හා දේශපාලන දූෂණ සහ අපරාධ සහ ප්‍රචන්ඩත්වය සිව්වන හා පස්වන ස්ථානවලට පත්ව ඇත. දේශගුණික විපර්යාසවලට හිමිව ඇත්තේ දස වන ස්ථානයයි.

කොවිඩ් වසංගතය ප්‍රධානතම ගැටඑව වශයෙන් දක්වා ඇත්තේ බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් පමණි. මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ය.

No comments:

Post a Comment