කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ද අද සිට යළිත්
නාය යෑමේ අවදානම හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යලි ආරම්භ කෙරේ. ඒ අනුව අද දින මහනුවර සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය 4 ක් සහ නගරාන්තර දුම්රිය දෙකක් ධාවනය කිරිමට කටයුතු යොදා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික විජේසුන්දර මහතා පවසයි. බලන හා කඩිගමුව අතර දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත්කිරිමෙන් අනතුරුව බදුල්ල දක්වා දුම්රිය ධාවනය කරවීමට පියවරගැනීමට නියමිතය.
මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සදහන් කරන්නේ පාසල් දරුවන් සඳහා අද සිට සිසු සැරිය බස්රථ 1400 ක් ද ධාවනයට එක්කරන බවයි.
No comments:
Post a Comment