ග්‍රාමීයව කොරෝනා ව්‍යාප්තියේ ඉහලයාමක්


 

ග්‍රාමීයව කොරෝනා ව්‍යාප්තියේ ඉහලයාමක්

Share Button

ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහලයාමක් පෙන්නුම් කරන බැවින් වගකීමෙන් ක්‍රියා නොකළහොත් අනිවාර්යෙන්ම රට යලි වසා දැමිමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අනතුරු අගවයි.

අසීරුවෙන් කැපකිරීම් කර පාලනය කළ කොරෝනා වෛරසය ජනතාවගේ අනවශ්‍ය ක්‍රියා හේතුවෙන් යලි පැතිරයමින් පවතින බව ජනතාව තේරුම් ගත යුතුය. දරුවන් අධ්‍යාපනයට යොමුවීම අත්‍යවශ්‍යය. එහෙත් මේ වනවිට පාසල් දරුවන් අතරින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යමින් පවති. නොසැලකිලිමත්කම විනෝද ගමන් උත්සව ආදිය හේතුවෙන් දරුවන්ට යලි පාසල් අධ්‍යාපනය අහිමි නොකරන්නැයි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment