බදුල්ල රෝහලෙන් විස්මිත සැත්කමක්


බදුල්ල රෝහලෙන් විස්මිත සැත්කමක්

බදුල්ල රෝහලෙන් විස්මිත සැත්කමක්

November 21, 2021   02:26 pm


මොළයේ පිළිකාවකින් පීඩාවිඳින කාන්තාවක් වෙනුවෙන් සිදුකළ විස්මිත සැත්කමක් පිළිබඳ පුවතක් බදුල්ල මහ රෝහලෙන් වාර්තා වුණි.

මෙම විස්මිත සැත්කම සිදුකර තිබුණේ මොළයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් පීඩාවට පත්ව සිටි කාන්තාවක් වෙනුවෙනි.

ඇයගේ රෝගී තත්ත්වය අනුව ඇයට මෙම සැත්කම සිදුකළ යුතුව තිබුණේ නිර්වින්දනය කිරීමකින් තොරව ඇය අවදියෙන් සිටියදීය.

ඒ අනුව ඒ අසීරු කාර්යභාරගත් බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ප්‍රථමයෙන් ඇය නිර්වින්දනය කර ඇයගේ හිස් කබල විවෘත කර නැවත ඇයට සිහිය ලබාගෙන  සැත්කම ආරම්භ කළේය.

මෙහි විශේෂත්වය වන්නේ ඇය සමග අදහස් හුවමාරු කරගනිමින් ඇයගේ මොළයේ හටගෙන ගෙඩියක් කපා ඉවත් කිරීමය.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හර්ෂිකා හැන්නදිගේ මහත්මිය,

"සර්ජන්ට අවශ්‍ය වුණා මොළේ ගෙඩිය ආශ්‍රිතව කැපුම් සිදුකරද්දි රෝගියා එක්ක කතාබහ කරන්න. රෝගියාගේ අත හොලවලා බලන්න. රෝගියා සමග කතාබහ කරමින් තමයි ගෙඩිය ආශ්‍රිත කැපුම් සිදුකළේ."

මේ අතර ඇට මිදුළු තුළ හටගන්නා දුර්ලභ රෝගයින් පෙළෙන කෑගල්ල කෙහෙල්වත්ත ප්‍රෙද්ශයේ කාන්තාවකට සිදුකළ සුවිශේෂි සැත්කමක් පිළිබඳව කෑගල්ල රෝහලෙන් වාර්තා වුණි.

රෝගයේ ප්‍රථිපලයක් ලෙස ඇගේ ප්ලීහාව අසාමාන්‍ය ලෙස විශාල වී ඇති අතර එය සැත්කමක් මාර්ගයෙන් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුණි.

No comments:

Post a Comment