ඔස්ට්‍රේලියාව අඩියක් පස්සට ගනී


 

ඔස්ට්‍රේලියාව අඩියක් පස්සට ගනී



පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍යයින් සඳහා දෙසැම්බර් 01 වනදා සිට සිය රටට පැමිණීමට අවස්ථාව ලබාදීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබුණි.

නමුත් එම තීරණය ගැන නැවතත් සලකා බැලීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය.

එම තීරණය ගෙන ඇත්තේ එරටින් "ඔමික්‍රෝන්" කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙක් එරටින් හමුවීමත් සමගය.

එම ආසාදිතයින් දෙදෙනා ඊයේ හඳුනාගැණුනි. ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකාවේ සිට පැමිණ තිබුණි.

ඒ හේතුවෙන් අප්‍රිකානු රටවල් 9කින් එරටට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 14 නිරෝධායන කාලයක් අනිවාර්ය කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර තිබේ.

No comments:

Post a Comment