ගෑස් කාන්දු හේතුවෙන් සිදුවූ පිපිරීම් පිළිබඳ සිද්ධි 5ක් නොවැම්බර් මාසය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා විය.
ඒ අතර අදත් (28) එවැනි සිද්ධියක් කෑගල්ල, රොක්හීල් කහටපිටිය ප්‍රදේශයේ වාර්තාවී තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේදී මුළුතැන්ගෙය තුළ කිසිවෙකු රැඳී නොසිටීම නිසා ජීවිත හානි සිදුවී තිබුණේ නැත.
අදාළ පිපිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිවෙස් හිමියා,
"අද උදේ 7.00ට විතර තේ හදන්න වතුර උණු කළා. වතුර එක ගහල මම ගිය මුහුණ හෝදන්න. එක පාරටම ලොකු බෝම්බයක් පිපිරුණා වාගේ. ඇවිත් බැලුවම ලිප කෑලිවලට කැඩිලා. ගෑස් සිලින්ඩරය පුපුරලා තිබුණේ නෑ. මම ආපු ගමන් ඒක ඕෆ් කළා."
මෙලෙස මෑත කාලයේ ගෑස් කාන්දු නිසා සිදුවන පිපිරීම් ගැන අසන්නට ලැබෙන්නේ ගෑස් සිලින්ඩරවල වායු සංයුතියේ වෙනස්කම් සිදුකර ඇති නිසා බවට විපක්ෂය චෝදනා කරයි.
ඔවුන් පවසන්නේ ප්‍රොපේන් 30%ක් පමණ සහ බ්‍යුටේන් 70%ක් වශයෙන් පැවති - ශ්‍රී ලංකාවේ LP ගෑස් සිලින්ඩරයක සංයුතිය ප්‍රොපේන් 50%ක් සහ බ්‍යුටේන් 50%ක් ලෙස වෙනස් කර ඇති බවය.
මේ සම්බන්ධව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසූ අතර එහිදී ඔහු පැවසුවේ ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සහ සංයුතිය පරීක්ෂා කිරීම සඳහා කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් සාම්පල ලබාගෙන ඇති බවය.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ගෑස් කාන්දු හේතුවෙන් සිදුවූ පිපිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා සිදුකරන නියැඳි පරීක්ෂණවල ප්‍රතිඵල හෙට (29) වනවිට වාර්තා කළ හැකි වනු ඇති බවය.
No comments:
Post a Comment