ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියානී ඉන්පැන්ටිනෝ මහතා දිවයිනට පැමිණෙයි. ඔහු අද පෙරවරුවේ දිනක සංචාරයක් සඳහා දිවයිනට පැමණ තිබේ. කොළඹ තුරග තරග පිටියේ අද රාත්රි 7.00 ට පැවැත්වෙන අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේ ආරාධීත අමුත්තෙකු ලෙස හෙතෙම සහභාගී වෙයි. අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් මෙම අවසන් මහ තරගය පැවැතවේ. ශ්රී ලංකා සහ සීෂෙල්ස් කණ්ඩායම් මේ සදහා තරග වදී.
No comments:
Post a Comment