ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත් වන්නැයි අනතුරු ඇගවේ


 

ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත් වන්නැයි අනතුරු ඇගවේ




තද වැසි සමග සුළගේ වේගය ඉහළ යාහැකි බැවින් නිරිතදිග බෙංගාල බොක්ක සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන නාවික හා ධිවර ප්‍රජාවට ඉදිරි දින කිහිපයේ විමසිලිමත් වන්නැයි කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ගිණිකොන දෙසින් නිරිතදිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන්කරනු ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි. මේ නිසා එම මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75 ට වැඩි තද වැසි ඇතිවේ.

No comments:

Post a Comment