කාබනික පොහොර භාවිතයෙන් වගාකරන ගොවීන් සඳහා දිරිදීමනාවක්
මහ කන්නයේදි අපේක්ෂිත අස්වැන්න ලබාගත හැකි අතර කාබනික පොහොර භාවිතයෙන් වගාකරන ගොවීන් සඳහා දිරිදීමනාවක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසීය. දීපව්‍යාප්තව කාබනික සමුපකාර සමිති ඉදිකිරීමට මේ වන විටත් පියවර ගෙන තිබේ. එම සහනාධාර එළවඑ හා අනෙකුත් වගාවන් සඳහා ද ලබාදීමට නියමිතය. පරිසරයට අවම හානියක් සිදුවන කෘමිනාශක වර්ග කිහිපයක් පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර දි ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.
විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා කියා සිටියේ ප්‍රමාදවී හෝ රසායනික පොහොර ගෙන්විමට රජය ගත් තීරණය අගය කරන බවයි. මෙරට වගා භූමි ප්‍රමානයෙන් සියයට 50 ක් කාබනික පොහොර භාවිතයෙන් අස්වැද්දීමට ක්‍රියා කලේ නම් එය සාර්ථකවීමට ඉඩ තිබූ බව හෙතෙම පෙන්වා දුන්නේය.
කාබනික පොහොර භාවිතයෙන් වගාකිරිම ජනතාවගේ සෞඛ්‍යයට හා පරිසරයට ඉතා හිතකර යහපත් ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ පැවසුහ. විවාදයට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කලේ සමුපකාර ක්‍රමයට ගොවි ජනතාවට පොහොර ලබාදිය යුතු බවයි.වාර්ෂිකව දියර කිරි අවශ්‍යතාවය ලීටර මිලියන 750 ක් වන අතර 2025 වසරේදී එම ඉලක්කය සපුරා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ටී. ඩී හේරත් මහතා ප්‍රකාශ කලේය. මහාපරිමාන කිරි ගොවිපලවල් 5 ක් ආරම්භ කෙරේ. තෘණ වගාව මෙන්ම බඩඉරිගු වගාව ද දියුණු කිරීමට පියවර ගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසිය. විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ පොහොර ප්‍රතිපත්තිය වරින්වර වෙනස් කිරීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි.
මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පතට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශ කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි. ඒ යටතේ ප්‍රධාන වශයෙන් කරුණු 3 ක් සංශෝධනය කෙරේ. ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව අරමුදල ලෙස එහි නම වෙනස් කිරිම ජනාධිපතිවරයා විසින් නම්කරනු ලබන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්තවය යටතට පත්කිරීම සහ එම ආයතන පිළිබඳව පොදු දෙපල පනත යටතේ කටයුතු කිරිම යන සංශෝධන සිදුකිරීමට අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
No comments:
Post a Comment