මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් 2024 දී අවසන්


 

මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් 2024 දී අවසන්

Share Button

ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුව හරහා තිබු පාලම මාස 09 ක් තුළ යලි ඉදි කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහාමාර්ග අමාත්‍යංශයට උපදෙස් දෙයි. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මහතා ඒ බව සදහන් කළේය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිතුමා ජනතාවට දුන් ප්‍රතිඥාවට අනුව සියලුම මාර්ග සංවර්ධන කටයුතු නියමිත කාලය තුළ නිම කරන බව ලේකම්වරයා සදහන් කළේය. කොළඹ නගරයේ මාර්ග තදබදයට හේතුවන ප්‍රධාන මංස්නධි සියල්ල පුඵල් කෙරේ. ඒවායේ නවීන තාක්ෂණයෙන් සමන්විත ආලෝක සංඥා පද්ධති සවි කෙරේ. භෞතික අවහිරතා ඇති ස්ථානවල ගුවන් පාලම් වැනි විකල්ප ක්‍රම භාවිත කරමින් මාර්ග තදබදයට විසදුම් දීමට සැලසුම් කර ඇතැයි ලේකම්වරයා පැවසීය.

ප්‍රධාන නගර ආශ්‍රිතව විකල්ප මාර්ග ඉදිකිරීමට ද යෝජනා කර තිබේ. කොළඹ-පුත්තලම ප්‍රධාන මාර්ගය සංවර්ධනය කෙරේ. එහිදී හලාවත නගරයට හා මාර්ගවලට වැසි ජලයෙන් වන බලපෑම වළක්වා ගැනීම කොරහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ.

මධ්‍යම අධිවේගි මාර්ගයේ මිරිගම සිට කුරුණැගල දක්වා කිලෝමිටර් 41 ක කොටස ලගදීම ජනතා අයිතියට පැවරේ. 2024 වනවිට මධ්‍යම අධිවේගි මාර්ගයේ සංවර්ධන කටයුතු මුඵමනින්ම නිම කිරීම ඉලක්කයයි.

No comments:

Post a Comment