අනුරාධපුර පුජාභුමි සංවර්ධන ව්‍යාපෘතිය රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාගේ නිරීක්ෂණයට
අනුරාධපුර පුජාභුමි නගර සංවර්ධන ව්‍යාපෘතිය රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ නිරීක්ෂණයට ලක් වෙයි. දිවයිනේ නන්දෙසින් අනුරාධපුර පුදබිමට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව උදෙසාත් පුජා නගරයේ සංරක්ෂණය උදෙසාත් නාගරික සංවර්ධන අධිකාරිය එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. විශේෂයෙන් ආබාධ සහිත සැදැහැවතුන්ට පහසුවෙන් පුජනීය ස්ථාන වැඳපුදා ගැනීමට ඉඩකඩ සලසාදීම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණකි.
අනුරාධපුර දුම්රිය පොල මහජන චතුරශ්‍රය පලමුවෙන් රාජ්‍ය ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. දුම්රියෙන් පැමිණෙන මගීන්ට වෙහෙස නිවා ගනිමින් අටමස්ථානය වැඳපුදා ගැනීමට හැකිවන පරිදි හරිත විවේකි උද්‍යානයක් එහි නිර්මාණ කර තිබේ. අනුරාධපුර සිංහ කණුව වට රවුමද සංවර්ධනය කෙරේ. වැය කෙරෙන මුදල රුපියල් 12 කෝටි 20 ලක්ෂයකි. මීට අමතරව රුවන්වැලි මහසෑසය හා ථුපාරාමය අවට ඇති අවිධිමත් ඉදිකිරීම් ඉවත් කෙරේ.
ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් රථගාලක් මේ වනවිට ඉදිකෙමෙින් පවති. එය ද රාජ්‍ය ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එහි වාහන 450 ක් එකවර නවතා තැබිය හැකිය. සනිීපාරක්ෂක පහසුකම්වලින් ද එය සමන්විතයි. ඒ සදහා සිදු කෙරෙන ආයෝජනය රුපියල් 07 කෝටි 20 ලක්ෂයකි.
No comments:
Post a Comment