වසර 2030 දී සෑම පවුලකටම පානීය ජල පහසුකම්


වසර 2030 දී සෑම පවුලකටම පානීය ජල පහසුකම්

Share Button

ඉදිරි වසර 10 තුලදී ජලය ගබඩා කිරීම දෙගුණයකින් වැඩි කෙරේ. වසර 2030 දී සෑම පවුලකටම පානීය ජලය මෙන්ම කන්න තුන වගා කිරීමට අවශ්‍ය වාරි ජලය ලබා දෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී රජය වෙනුවෙන් අයවැය විවාදය ආරම්භ කරමින් පැවසිය. ජාතික ආහාර නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කෙරේ. ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට සැලසුම් කර ඇත. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව් වැනි දිනය අදයි. වාරිමාර්ග හා ජල කළමනාකරණ සහ කෘෂිකර්ම යන අමාත්‍යංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනේ. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කර මෙගා වොට් 120 ක විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එක් කරන බව කීවේය. කුඩා වැව් 3000 ක් ආරම්භ කෙරේ. වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ ද වැව් 1500 ක් ප්‍රතිසංස්කරණය කර ඇත. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක බව ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා කථා කරමින් මෙම කාලය තුලදී කෘෂිකර්ම අමාත්‍යංශය විකෘති ක්‍රියාමාර්ගවලට එළැඹි බව පැවසීය. කාබනික පොහොර සංකල්පය යහපත් වුවද එය ක්‍රියාත්මක කිරීමේදි ගනු ලැබු වැරදි ක්‍රියාමාර්ග විශාල විනාශයකට හේතු වු බව ඔහු සදහන් කළේය. චීන පොහොර සමාගමේ පොහොර සාම්පල පරීක්ෂා කිරීිමට පෙර ණයවර ලිපි නිකුත් කළේ කවුරුන්ද යන්න හෙලි කළ යුතු බව ඔහු පැවසීය.

No comments:

Post a Comment