දැඩි ලෙස විකෘති කොවිඩ් නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන්


 

දැඩි ලෙස විකෘති කොවිඩ් නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන්

Share Button

දැඩි ලෙස විකෘති කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනේ. එය බී එක එක 529 ලෙස නම් කර තිබේ. එහි ස්පයික් ප්‍රෝටීන 32 ක් අඩංගු වෙයි. ඒ අනුව මෙම වෛසරයට එන්නත් මගින් ආරක්ෂාව සැපයිම එතරම් ඵලදායි නොවන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් තිබේ. වසංගතය ආරම්භ වීමෙන් පසු ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවු යුරෝපයේ පළමු රට බවට බ්‍රිතාන්‍ය පත්ව තිබෙ. එරට ජනගහනය මිලියන 67 ක් පමණ වෙයි. දෛනිකව අලුතින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 40 දහසට ආසන්න වී තිබෙ. දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 200 කට අඩු මට්ටමක පවතින බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ වනවිට බ්‍රිතාන්‍යයේ කොවිඩ් හේතුවෙන් පැනවු සීමා බොහොමයක් ඉවත් කර තිබෙ. ජනතාවට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය නොවේ.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් කොවිඩ් නව ප්‍රභේදයක් සොයා ගැනීමෙන් පසු අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුඵ වීම තහනම් කර තිබෙ.

No comments:

Post a Comment