රුසියාවේ ගල්අගුරු ආකර අනතුරින් මිය ගිය සංඛ්‍යාව 52 දක්වා ඉහලට


 

රුසියාවේ ගල්අගුරු ආකර අනතුරින් මිය ගිය සංඛ්‍යාව 52 දක්වා ඉහලට

Share Button

රුසියාවේ කෙමරෝවෝ ප්‍රාන්තයේ ගල්අගුරු ආකරයක හටගත් ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 52 දක්වා ඉහල යයි. තවත් 35 දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. ආකරය තුළ සිරවු පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ඛේදවාචයකින් අවසන් විය.

ගින්න හට ගැනීමත් සමග ආකරය මුඵමනින්ම දුමෙන් වැසියාම එම මෙහෙයුම්වලට බාධාවක් වු අතර රුසියානු මාධ්‍ය වාර්තා කලේ සහන සේවකයන් තිදෙනෙකු ද මරණයට පත්ව ඇති බවයි. ගින්න හට ගන්නා අවස්ථාවේ 285 දෙනෙක් ආකරය තුළ සේවයේ නිරතව සිටියහ. ඉන් 49 දෙනෙකු බේරාගෙන රෝහල් ගතකර තිබේ. දුම් ආග්‍රහනය කිරීම හේතුවෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment