කින්නියා කලපුවේ පාරුවක් පෙරළි 6 දෙනෙක් මියයති


 

කින්නියා කලපුවේ පාරුවක් පෙරළි 6 දෙනෙක් මියයති



ත්‍රිකුණාමලය කින්නියා කලපුවේදී පාරුවක් පෙරලීමෙන් 6 දෙනෙකු මියගොස් තිබේ. ඉන් සිව් දෙනෙකු ළමයින් බව වාර්තාවේ. පාරුවේ පාසල් ළමයින් සහ ගුරුවරුන් ගමන් කර ඇත. 17 දෙනෙකු බේරාගෙන තිබේ.

අනතුරට ලක්වීමෙන් අතුරුදන් වු පුද්ගලයන් සොයා නාවික හමුදාව මෙහෙයුමක් අරඹා ඇත. ඒ සදහා සහන කණ්ඩායම් 8 ක් එක්වී සිටිති.

කින්නියා කුරිඤ්ඤන්කර්නි පාලමේ සිදුකෙරෙන අලුත්වැඩියාව හේතුවෙන් පුද්ගලයන් ප්‍රවාහනය සදහා මෙම පාලම් පාරුව භාවිත කෙරේ.

No comments:

Post a Comment