හෙට විවෘත කෙරෙන පාසල්
November 21, 2021 05:37 pm
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට (22) දිනයේ සිට ආරම්භ කෙරේ.
ඒ මෙතෙක් ආරම්භ නොවු 6,7,8 සහ 9 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කිරීමත් සමගය.
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කළ අතර පළමු අදියරේදී ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් පසුගිය මස 21 වනදා විවෘත කෙරුණි.
දෙවන අදියරේ දී දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වනදා ආරම්භ කෙරුණු අතර තෙවන අදියරේදී සියලුම පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි මේ මස 08 වනදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේය.
මෙතෙක් ආරම්භ නොවු 6,7,8 සහ 9 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඊට අදාළව දිවයින පුරා පාසල්වල පන්ති කාමර පිරිසිදු කිරීමේ කටයුතු අද දිනයේ මව්පියන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු බව "අද දෙරණ" වාර්තාකරුවන් සඳහන් කළේය.
පාසල් ආරම්භ කිරීමෙන් පසු සෞඛ්යාරක්ෂික ක්‍රමවේදයන්ට අනුගත වෙමින් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් -19පිළිබඳද ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මෙලෙස පැහැදිලි කළේය.
"හෙට ඉදලා සියලුම ශ්‍රේණිවලට පාසල් ආරම්භ කිරීමක් සිදුකරනවා. එහිදී දෙමව්පියන් සතු වගකීමක් තියෙනවා. ඔබේ නිවසේ කිසියම් කෙනෙකුට රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබේ දරුවා පාසල් යැවීමෙන් වැළකී සිටිය යුතුයි. ඔබගේ නිවසේ සිටින කිසියම් පුද්ගලයෙකු ට රෝග ලක්ෂණ තිබේ නම් ළඟම ඇති වෛද්‍යවරයෙක් හමුවී එයට අදාළ ප්‍රතිකර්මයක් ලබාගනිමින් ඔබවත් ආරක්ෂා කර ගන්නා ගමන් දරුවා ආරක්ෂා කර ගන්න. දරුවා පාසල් යැවීමට පෙර සෞඛ්‍ය සිරිත් විරිත් මාස්ක් එක පැලඳීම, එකට කෑම ගැනීමෙන් වැළකී සිටීම, දරුවාට ඔබට පුළුවන් ආහාර වේලක් සාදා දෙන්න. මේ ඔබ ආරක්ෂා කරන්නේ ඔබේ දරුවා පමණක් නොවෙයි. මුළු පාසල් පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කර ගැනීම දෙමව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද වගකීම වෙනවා."
No comments:
Post a Comment