තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් හෙට (22) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අනිද්දා (23) දිනයේ දී ද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් ලැබීමට නියමිත බවය.
එමෙන්ම දෙසැම්බර් මාසයේ සිට සෑම සතියකම එන්නත් මාත්‍රා ලක්ෂ 30 බැගින් මෙරටට ලබාදීමට ෆයිසර් සමාගම එකඟතාව පළකර ඇති බව චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අතර පසුගියදා හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ නව උප ප්‍රභේදය තරුණ පිරිස් සහ පාසල් ළමුන් අතර පැතිර යන බවට නිරීක්ෂණය වී ඇති බැවින් නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව කටයුතු කිරීම සඳහා ඔවුන් දැනුවත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
"ලංකාවේ ප්රමුඛ ඩෙල්ටා ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ඇති වෙලා තියෙනවා. එය විශේෂයෙන් ම පාසල් ළමුන් සහ තරුණ අය අතර, සුලබ ලෙස පැතිර යනවා. එන්නත්කරණයට ලක්වෙලා තියෙන අයට කොවිඩ් වැලඳීම සුළු හෙම්බිරිසාවක් වගේ තත්ත්වය තමා තියෙන්නේ. සාමාන්‍ය උණ තත්ත්වය හිසරදය, මස්පිඬු වේදනාව ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා. ගොඩක් අය පුර්ණ එන්නත්කරණයට ලක්වෙලා රෝගය වැලඳුනාම එය නොසලකා හරින්න තීරණය කරලා තියෙනවා ඒක සාමාන්‍ය උණ, හෙම්බිරිසාවක් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ ශරීරයට ලොකු අමාරුවක් නැති වුණත් ඔබගෙන් තව කෙනෙක් ට පැතිර යන්න පුළුවන්. වැසි සහිත දේශගුණයක් තියෙන මේ කාල සීමාවේ කොවිඩ් පැතිර යන්න ඉහළ සම්භාවිතාවක් තියෙනවා. හෙම්බිරිසාව තියෙනවා නම්, උණ හෙම්බිරිසාව තියෙනවා නම් කොවිඩ් වෙන්න තියෙන හැකියාව ඉතාම වැඩියි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකරන්න."
No comments:
Post a Comment