පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ නඩු විභාගයට පොලිස්පති කොළඹ මහාධිකරණයට


 

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ නඩු විභාගයට පොලිස්පති කොළඹ මහාධිකරණයට

Share Button

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී අද පෙරවරුවේ ඇරඹුනි. එහි සාක්ෂි ලබාදීම සදහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාද අධිකරණයට පැමිණියේය. කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගය පැවැත්වෙයි. අද සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු තමන්ට අප්‍රේල් 20 වැනිදා පස්වරුවේ මෙන්ම ප්‍රහාරය එල්ලවන දිනයේ පෙරවරුවේ විදේශ බුද්ධි අංශ මගින් ලැබුනු බවයි. ඒ පිළිබඳව තමන් ඉහල ආරක්ෂක නිලධාරින් දැනුවත් කළ බවද ඔහු කීවේය. වට්ස්ඇප් හරහා හිටපු පොලිස්පතිවරයාට ද ඒ බව දැනුම්දුන් බව ඔහු පැවසීය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එය දැනුම්දීමට ජනාධිපති මෙහෙයුම් කාර්යාල මැදිරියට දුරකථන ඇමතුමක් ගත්තත් එම තොරතුරු ලබාදීමට නොහැකිවු බව ජයවර්ධන මහතා කීවේය.

No comments:

Post a Comment