අපනයන ආදායම මෙන් දෙගුණයක මුදලක් ආනයනයට


 

අපනයන ආදායම මෙන් දෙගුණයක මුදලක් ආනයනයට

Share Button

ශ්‍රී ලංකාව අපනයනය කර උපයන විදේශ විනිමයට වඩා වැඩි වියදමක් විදේශ භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් වැය කිරීම ඩොලර ගැටඵවට ප්‍රධානතම හේතුවයි. මේ නිසා ආර්ථිකයේ ප්‍රධාන අවදානම් කොටස බවට විදේශ අංශය පත්ව ඇත. කොරෝනා හේතුවෙන් මෙය තවත් උග්‍රවී තිබේ. අපනයන ආදායම මෙන් දෙගුණයක මුදලක් ආනයනය සදහා දරයි. තෙල් ගැස් ඖෂධ හා කිරිපිටි ඇතුඵ ප්‍රධාන අවශ්‍යතාවල භාණ්ඩ මිල ගණන් ඉහලයාම නිසා ආනයන වියදම් වඩාත් ඉහල ගොස් ඇත. වෙළෙඳ හිගය යනු අපනයන ආදායම හා ආනයන වියදම අතර පරතරයයි. මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් බිලියන 06 ඉක්මවා ගිය විශාල වෙළෙඳ හිගයක් පවති. මෙය රටේ විදේශ විනිමය පිඩනය තවත් වර්ධනයවීමට හේතුවකි. සංචාරක ඉපයිම් සියයට 92 යි දශම 5 කින් සහ විදේශවල සේවය කරන අයගෙන් ලැබෙන විදේශ විනිමය ඉකුත් වසරේ පලමු මාස 09 ට සාපේක්ෂව සියයට 9 යි දශම 3 කින් අඩුවී තිබේ. කොරෝනාවලට පෙර වෙළෙඳ හිගය පියවා ගැනීමට වැඩි වශයෙන් යොදාගනු ලැබුවේ මෙම සංචාරක ඉපයිම් සහ විදේශ විනිමය ප්‍රේෂණයි. රජයේ ප්‍රධාන උත්සාහයවී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෙන් තොරව විදේශ විනිමය අර්බුදයට විසදුම් ලබාදීමයි. මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉකුත් ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කළ මාස හයක මාර්ගගත සිතියමේ විදේශ විනිමය ගැටඵවට විසදුම් ඉදිරිපත් කර ඇත. එහි ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය නොමැතිව දේශිය වශයෙන් ඒ සදහා ක්‍රියාමාර්ග අනුගමනය කරමින් විසදුම් සොයන ක්‍රමයකි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කල්පනාකාරිීව සහ විද්‍යාත්මකව සිදුකරන බව මහබැංකු අධිපතිවරයා සදහන් කළේය. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙනුවෙන් මේ මොහොතේ රටේ ඇති සිමිත විදේශ විනිමය ප්‍රමාණය වැය කිරීමෙන් වැළැකීම වැදගත්ය. දේශිය නිෂ්පාදකයන්ට සහ කර්මාන්තකරුවන්ට අතදී ඔවුන් අපනයනය කෙරෙහි යොමුකළ යුතුය. මේ වසරේ පලමු භාගයේදී ආර්ථිකය වේගයෙන් යථාතත්ත්වයට පත්වීමක් පෙන්නුම් කරයි. පලමු මාස හයේදී සියයට 8 ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇත. ගෙවි යන මාසය තුළ සංචාරකයන් 30 දහසකට වැඩි පිරිසක් මෙරටට පැමිණිම ද අනාගතයට සුබවාදි වෙයි.

No comments:

Post a Comment