ගෘහස්ථ ගෑස් භාවිතය අනාරක්ෂිත බවට පළවන වාර්තා ලිට්රෝ ගෑස් සමාගම ප්‍රතික්ෂේප කරයි


ගෘහස්ථ ගෑස් භාවිතය අනාරක්ෂිත බවට පළවන වාර්තා ලිට්රෝ ගෑස් සමාගම ප්‍රතික්ෂේප කරයි



ගෘහස්ථ ගෑස් භාවිතය අනාරක්ෂිත බවට මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සාවද්‍ය බවත් හා පදනම්විරහිත බවත් ලිට්රෝ ගෑස් සමාගම අවධාරණය කරයි. මෙම ප්‍රකාශ හුදෙක් රජය අපහසුතාවට පත් කිරීම පිණිස සිදු කරන ඒවා බව සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා කියා සිටී.

තම සමාගම ගෑස් නිපදවනු ලබන්නේ සියලුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බවත් ඔහු පවසයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්රෝ සමාගමේ රසායනික ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මහතා සඳහන් කළේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමකට ලක්වනුයේ ඉතාමත් කලාතුරකින් බවයි.. බොහෝ විට සිදුවන්නේ වාතයේ පිපිරීමකි. නල පද්ධතිය, හෝස් පද්ධතිය නැතහොත් උදුන අතර සිදුවන කාන්දුවක් හේතුවෙන් දිගු කලක සිට පොලොවට එකතුවන ගෑස් ගිනි ගැනීමට අවශ්‍ය සාධක එකතු වූ විට පුපුරා යාමක් සිදුවන බව ජයන්ත බස්නායක මහතා එහිදී පෙන්වා දුන්නේ ය.

No comments:

Post a Comment