ඊයේ කොවිඩ් ආසාදිතයන් 745 ක්


 

ඊයේ කොවිඩ් ආසාදිතයන් 745 ක්




කොවිඩ් ආසාදිතයන් 745 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා මෙරටදි හදුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ පණස් නවදහස් 605 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 401 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඊයේ පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සම්පුර්ණ සුවය ලැබු කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ විසි හත්දහස් 929 කි.

පසුගිය 23 වැනිදා සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 23 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කෙරිණි.

No comments:

Post a Comment