මීට පෙර කොරෝනා වැළඳුනු අයෙකුට ඔමික්‍රොන් වැළදීමේ හැකියාව වැඩි බව වෛද්‍යවරු කියති


මීට පෙර කොරෝනා වැළඳුනු අයෙකුට ඔමික්‍රොන් වැළදීමේ හැකියාව වැඩි බව වෛද්‍යවරු කියති

මීට පෙර හදුනාගත් කොරෝනා ප්‍රභේද වන ඇල්ෆා බීටා ගැමා සහ ඩෙල්ටා වැළඳුනු අයෙකුට ඔමික්‍රොන් වේගයෙන් වැළධීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති සියලු එන්නත් මෙම වෛරස් ප්‍රභේදයට හොඳින් ප්‍රතිචාර දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඒ මහතා කියයි. සාමාන්‍ය පී සී ආර් මගින්ද ඔමික්‍රොන් හදුනාගත හැකිය.
නව විකෘති ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සදහා තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි එය පලමුවෙන් සොයාගත් දකුනු අප්‍රිකානු වෛද්‍යවරිය පැවසුවාය. ඇය ප්‍රතිකාර දුන් කිසිවෙකු බරපතල ලෙස රෝගිී නොවුනු බවත් මරණයට පත් නොවු බවත් ඇය ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කීවාය. කොවිඩ් ආසාදිතයන්ට ගද සුවද නොදැනී යන නමුත් ඔමික්‍රොන් ආසාදිතයන් තුළ එවැන්නක් දක්නට නොමැත. උණ සහ සෙම්ප්‍රතශ්‍යාවට අමතරව ඔමික්‍රොන් ප්‍රධානතම රෝග ලක්ෂණ වන්නේ දින ගණනාවක් එක දිගට පවතින සිරුරේ වේදනාව සහ තෙහෙට්ටුවයි. ඊට අමතරව හෘද ස්පන්දනය අසාමාන්‍ය ලෙස වැඩි වෙයි. තම රටේ සුවය ලැබු ඔමික්‍රොන් රෝගීන් ප්‍රතිකාර ගනු ලැබුවේ නිවසේ සිට බවද ඇය කීවාය. කුඩා දරුවන්ට හෝ තරුණ තරුණියන්ට ඉහල බලපෑමක් නොවුනත් වැඩිහිටියන්ට ඉන් බලපෑමක් එල්ලවිය හැකි බව දකුණු අප්‍රිකානු වෛද්‍යවරිය සදහන් කරයි. මෙතෙක් හමුවු ප්‍රභේදවල සියලු විකෘති සහ මෙතෙක් හදුනා නොගත් නව විකෘති ද ඔමික්‍රොන් සතුය.

No comments:

Post a Comment