බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්


 

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

Share Button

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු ඉනීම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 113 ක් රැස් කරගෙන සිටියේය. පැතුම් නිශ්ශංක ලකුණු 61 ක් ලබා කඩුල්ලේ රැදි සිටියි. නායක දිමුත් කරුණාරත්නගේ ඉනීම ලකුණු 42 කට සීමා විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ තණතීරුව ඉදිරි දින 4 තුළ දග පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක ධනංජය ද සිල්වා පවසයි. ප්‍රථම ඉනීමේදී අවම වශයෙන් ලකුණු 350 ක් හෝ ලබාගත යුතුය. දිමුත් කරුණාරත්න නායකත්වයේ කාර්යභාරය මැනවින් ඉටුකරන බව ධනංජය ද සිල්වා පවසයි. කණ්ඩායමේ ක්‍රිඩකයන්ගේ විශ්වසනීයත්වය ඉහළගොස් ඇති බවද ඔහු කියයි.

No comments:

Post a Comment