අධි තාක්ෂණික කේබල් මත ඉදිකල කැළණියේ කල්‍යාණි රන්පිවිසුම හෙට විවෘත වේ
ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදිරිකළ නව කැළණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සන්ධ්‍යාවේ විවෘත කෙරේ. මෙම පාලම කල්‍යාණි රන් පිවිසුම ලෙස නම්කර ඇත. අධික වාහන සංඛ්‍යාවක් කොළඹ නගරයට ඇතුල්වීම නිසා වත්මන් කැළණි පාලමේ ධාරිතාව ප්‍රමානවත් නොවීය. එනිසා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස සිටි 2014 වසරේදි මෙම නව කැළණි පාලම ඉදිකිරිම සඳහා ගිවිසුම් අත්සන් කෙරිණි. කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ කොළඹ අන්තය අවසානයේ සිට බන්ඩාරනායක වටරවුම දක්වා මන්තීරු 6 ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත් ඉගුරුකඩේ හංදිය දක්වාත් වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරු 4 ක් වන ආකාරයෙන් නිර්මානය කර ඇත. කැළණි ගග හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මිටර් 380 කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් සිදුකර ඇත. පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31539 ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9896 ක් වැයකර තිබේ.
No comments:
Post a Comment