පාලම් පාරුව පෙරලීමෙන් අනතුරට ලක්වුවන් සෙවීමේ මෙහෙයුම් අවසන්


 

පාලම් පාරුව පෙරලීමෙන් අනතුරට ලක්වුවන් සෙවීමේ මෙහෙයුම් අවසන්




ත්‍රිකුණාමලය කින්නියා හා කුරුඤ්ඤකේනි කලපුවේදී පාලම්පාරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තවත් විසිදෙනකු තුවාල ලබයි. මියගිය පුද්ගලයන් අතර එකම පවුලේ අවුරුදු 30 මවක් සහ පුතා හා දියණිය ද වෙයි. නාවික හමුදාව හා පොලීසිය මෙහෙයුම් මේ වන විට අවසන් කර ඇත. මෙම සිද්ධියට එරෙහිව ප්‍රාදේශවාසීහු කින්නිය්ා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ද පැවැත්වුහ. අනතුරුව සිද්ධියට කුපිත වු පිරිසක් මුස්ලිම් කොන්ග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම් එස් තවුහික් මහතාගේ කින්නියා නිවසට පහරදි දැඩි අලාභානි සිදුකර තිබේ.

No comments:

Post a Comment