ජනාධිපතිතුමා හෙද ඉල්ලීම් ඉටුකල බැවින් ලෙඩ නිවාඩු වර්ජනයට තමන් එක්නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කියා සිටී


 

ජනාධිපතිතුමා හෙද ඉල්ලීම් ඉටුකල බැවින් ලෙඩ නිවාඩු වර්ජනයට තමන් එක්නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කියා සිටී




රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කල සාකච්ඡාවේදී ඉදිරිපත් කල ඉල්ලීම් හතම ඉටුවී තිබේ. ඊට අදාල චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව ලබන ජනවාරි මස සිට හෙද හෙදියන් සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. නිල ඇඳුම් දීමනාව රුපියල් විසි දහසක් දක්වා වැඩිකර ඇත. ඩී. ඒ. ටී. දීමනාව රුපියල් දස දහසකි. 2014 දෙසැම්බර් 24 වැනිදා මුදල් අමාත්‍යාංශයෙ ලේකම්වරයා නිකුත්කල අතිකාල සේවා වැඩිකිරීමේ චක්‍රලේඛය ද ක්‍රියාත්මක කෙරේ. 2017 දෙසැම්බර් මස අවලංගු කල හෙද නිලධාරින්ගේ මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීමට ද ක්‍රියාකර ඇත. මෙම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ස්තූතිය පලකරන බව රාජ්‍යසේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින්වහන්සේ නිවේදනයක් මගින් සඳහන් කරති. එබැවින් හෙට සහ අනිද්දා රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට යෝජිත ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහභාගි නොවන බව උන්වහන්සේ අවධාරණය කරති.

No comments:

Post a Comment