යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්


 

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Share Button

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය හා ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාල ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරේ. අදාල පෙත්සම් මුර්දු ප්‍රනාන්දු .ු ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබිණ. එහිදි මෙම දැනුම් දිීම සිදු කෙරිණ. ඒ අනුව අදාල පෙත්සම් ලබන සඳුදා අගවිනිසුරු ජයන්ත ජයසුරිය .ු බුවනෙක අඵවිහාරේ . ප්‍රියන්ත ජයවර්ධන . විජිත් මලල්ගොඩ සහ එල් ටී බී දෙහිදෙනිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුඵ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද විමල් වීරවංශ . වාසුදේව නානායක්කර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින බව අධිකරණයට අද දැනුම් දී තිබෙ. පුජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් .ු සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රිී රංජිත් මද්දුමබණ්ඩාර . ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශ්ව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

No comments:

Post a Comment