ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහලට


ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහලට

Share Button

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

පසුගිය දින කිහිපයේදී දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ඉහල යාමක් දක්නට ලැබිණි. අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතවන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතී.

සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. පසුගිය කාලයේ රට පුරා කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර ගියේය. එහෙත් මේ වනවිට ප්‍රදේශ වශයෙන් ඩෙල්ටා උප ප්‍රභේද බිහි වෙමින් පවතින බව ශ්‍රිී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි. උප ප්‍රභේද 2 ක් දැනටමත් මෙරටින් සොයා ගෙන තිබෙ.

මෙතෙක් නාගරිකව පැතිර ගිය කොරෝනා වයිරසය මේ වනවිට ග්‍රාමීය ප්‍රදේශවලින් ද බහුලබ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

No comments:

Post a Comment