පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් ජනපති සමග විශේෂ සාකච්චාවක්


පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් ජනපති සමග විශේෂ සාකච්ඡාවක්


 පොහොර නැවත ගෙන්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (22) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තුන සහ හතරවන කාණ්ඩවල අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීම පිළිබඳව එහිදි සාකච්ඡා කරන බවය.

මේ අතර කඩිනමින් තමන්ට රසායනික පොහොර ලබාදෙන්නේ නම් වගාවන් යළි ආරම්භ කළ හැකි බව ගොවීන් පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගොවි මහතෙකු පවසා සිටියේ, "දැන් කොහෙන් හරි යූරියා ගෙන්වීමට කොහොමහරි වැඩසටහන ඇවිල්ලා තියෙනවා. ඒ යූරියා ගෙන්වනවානම් දන් මේ වෙන කොට අපිට 5 වෙනිදා 10 වෙනිදා වගේ වතුර දුන්නා. අපිට තම මේ මාසේ අන්තිම විතරයි වතුර හම්බෙන්නේ. ඒත් 50%ක් කුඹුරු තාම වැඩ පටන් අරගෙන නැහැ. සාමාන්‍යයෙන් කුඹුරක් අඩුම තරමේ බිම් හිය හාලා ඒ ටික ඉවරකරලා මාසයක්වත් අඩුම යන්නට ඕනේ ඊට පස්සේ වපුරලා. පළවෙනි සතියේ තෙල් ටික ගහනවා. ඊළඟ සතියේ පොහොර ටික ගහනවා. ඒ කියන්නේ අඩුම තරමේ එන මාසේ 10 වනදා වෙන්නට කලින් මේ කියන යූරියා ටික ලැබෙන්න ඕනේ. එහෙම නැතිනම් කුඹුරු කරන එකේ තේරුමක් නැහැ." යනුවෙනි.

No comments:

Post a Comment