
අයවැයේදී විපක්‍ෂයේ යෝජනාද පිළීගන්නා බව අගමැතිවරයා කියයි
මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කෙරෙමින් පවතින බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඉදිරියේදී එය මන්ත්‍රිවරුන්ට පිරිනැමේ. ඔවුන් සමග සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කොවිඩ් නිසා ආර්ථිකයට වු හානිය පිටුදැකීමට අවශ්‍ය පිළීයම් අයවැයෙන් යෝජනා කර තිබේ. විපක්‍ෂයේ ස්වාධින යෝජනාද රජය පිළීගන්නා බව ඒ මහතා කිවේය. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කරමින් අගමැතිවරයා මේ බව පැවසීය. ඩොලර් හිගයට හා ණය වාරික ගෙවීමේ ගැටලුවට රජයේ පිළියම කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂමන් කිරිඇල්ල මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, පාර්ලිමේන්තුව, කොමිසන් සභා සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු ආයතන 25 ක වැය ශීර්ෂ මෙහිදී සාකච්ඡා කෙරේ.
වත්මන් ජනාධිපතිතුමා වියදම් සීමා කර ඇතැයි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය. යහපාලන රජයේ ජනාධිපතිතුමාගේ වියදම රුපියල් බිලියන 3.4 ක් විය. එහෙත් වත්මන් ජනාධිපතිතුමාගේ වියදම රුපියල් බිලියන 1.3 ක් දක්වා සීමා කර ඇත.
රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. මෙවැනි ආර්ථික ප්‍රශ්න නිසා දේශපාලන පිපිරීම්ද සිදුවිය හැක. මෙවැනි අර්බුද පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළයුතුව ඇතැයි ඔහු කියයි.
ඉන්ධන මිල ස්ථායිකරණ කමිටුව ස්ථාපිත නොකරන්නේ නම් ඉන්ධන මිල සුත්‍රය ගෙනඒම සුදුසු බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි. රටට වඩාත් ගැලපෙන්නේ මිල ස්ථායිකරන කමිටුව බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සහ වෙනත් අයට අපහාස කෙරෙන කථාවලින් වැළකී සිටින්නැයි කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතාට අද දැඩි ලෙස අවවාද කළේය.
ලක්සල පළමු නිමිඇදුම් තොගය හෙට අමෙරිකාවට අපනයනය කරන බව ඇමති දයාසිරි ජයසේකර මහතා කීවේය. තවත් රටවල් ගණනාවක් සමග ලක්සල ඇදුම් යැවීමට ගිවිසුම් අත්සන් කර ඇතැයි ඔහු කියා සිටියි.

No comments:
Post a Comment