නව ඩෙල්ටා උප ප්‍රභේදය දරුවන් සහ තරුණ ප්‍රජාව අතර පැතිර යාමේ අවදානමක්
කොවිඩ් රෝගින් නිවසේ සිට රැකබලා ගැනීම ඉතා සාර්ථක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. රෝගීන් හැටදහසක් අතරින් රෝහල් ගත කර ඇත්තේ 1200 කට ආසන්න පිරිසක් පමණක් බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පැවසිය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදි ඔහු කියා සිටියේ කොරෝනා රෝගින් වෛද්‍ය උපදේශයකින් තොරව ඖෂධ ලබාගැනිම නොකළ යුතු බවයි.
මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ නව ඩෙල්ටා උප ප්‍රභේදය කුඩා දරුවන් සහ තරුණ ප්‍රජාව අතර පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බවයි. එම ප්‍රභේදය වැළදුණු පාසල් ළමුන් කිහිපදෙනෙකු හදුනාගෙන තිබෙ. එබැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දරුවන් පාසලට යොමු කිරිම වැදගත් ය .

No comments:
Post a Comment