
අමෙරිකාවේ සියලුම වැඩකරන ජනතාව එන්නත්කරණයට
අමෙරිකාවේ මිලියන 3 යි දශම 5කට අධික වන රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 92කට කොරෝනා මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇතැයි එරට ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සදහන් කරයි. ජනාධිපතිවරයා ඉකුත් සැප්තැම්බර් මාසයේ විධායක නියෝගයක් නිකුත් කරමින් සදහන් කලේ සියලුම වැඩකරන ජනතාව එන්නත්කරණයට ලක්වියයුතු බවයි. ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකී මහත්මිය සදහන් කලේ සේවකයන් සියයක් හෝ ඊට වැඩියෙන් සිටින සමාගම් සදහාද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.





No comments:
Post a Comment