කින්නියා පාලම් පාරුව පෙරළීමේ සිද්ධියට තිදෙනෙකු අත්අඩංගුවට


 

කින්නියා පාලම් පාරුව පෙරළීමේ සිද්ධියට තිදෙනෙකු අත්අඩංගුවට

කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරලිමේ සිද්ධියට තිදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාරුවේ අයිතිකරු, පැදිකරු සහ ගමන්කුලී ලබාගන්නා පුද්ගලයාය.

කින්නියා පොලීසිය අත්අඩංගුවට ගත් එම සැකකරුවෝ පෙරියාතමුන සහ කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

අනතුරින් හයදෙනෙක් මියගිය අතර විසිදෙනෙක් තුවාල ලැබූහ.

No comments:

Post a Comment