
සියලු ආගමික සිද්ධස්ථාන සංවර්ධනය රජයේ වගකීමක් බව අවධාරණය කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රී විජත හේරත් මහතා රජයට රාජ්‍ය සේවකයන් බරක් යනුවෙන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද ප්‍රශ්න කලේය. ඊට පිළිතුරු දුන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කලේ රජයට රාජ්‍ය සේවකයන් බරක් නොවන බවය. උපාධිධාරින්ගේ ගරුත්වය ඇති කිරිමට ක්‍රියා කෙරේ. රජයට බඳවාගත් උපාධිධාරින්ට වසරක පුහුණුවක් ලබාදි ඇති අතර ඉන් සියයට 60 කට වැඩි පිරිසක් ගුරු සේවයට අනුයුක්ත කර ඇතැයි ද කිය.
කාරකසභා විවාදයට එක්වු පාර්ලිමේන්ත්‍රි කේ පී එස් කුමාරසිරි මහතා ප්‍රකාශ කලේ උපාධිධාරින් ස්ථීර කිරීමට මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බවයි. අතීතයේ රාජ්‍ය සේවකයන්ට නොසැලකුූ විපක්ෂයේ සමගි ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය සේවකයන් ගැන කථා කිරීමේ කිසිඳු අයිතියක් නැතැයි ද ඔහු කිය. ලෝක ආර්ථිකය කඩා වැටී ඇති අවස්ථාවක මෙවර අයවැය මගින් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ක්‍රියාකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුනතිලක මහතා එහිදී කීවේය.

No comments:
Post a Comment