කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පුඵල් කිරීමේ දෙවන අදියර විවෘත කිරීම හෙට
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පුඵල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ විවෘත කෙරේ. දැනට ලක්‍ෂ 60 ක් වන ගුවන් තොටුපොලෙ වාර්ෂික මගීන් හැසිරවීමේ ධාරිතාව මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව එක්කෝටි 50 ලක්‍ෂය දක්වා ඉහළ නැංවීමට හැකි වෙයි. ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන දෙවන අදියර සදහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 610 කි. සමස්ත ව්‍යාපෘතියේ වියදම රුපියල් කෝටි දසදහස ඉක්මවය.ි 2014 දී එවකට ජනාධිපතිවරයා වු මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජපානයේ හිටපු අගමැති ෂින්හුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පුඵල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. ව්‍යාපෘතිය මුඵමනින්ම නිමවීමෙන් පසුව ගුවන් තොටුපොලේ ගුවන්යානා නැවතීමේ අංගන සංඛ්‍යාව 49 දක්වා ඉහළ නැංවෙයි. ඒ අනුව දැනට පවතින ගුවන්යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයකින් ඉහළ යයි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පුඵල් කිරීමේ ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව එහි ඇති පිරික්‍ෂුම් කවුඵ සංඛ්‍යාව 53 සිට 149 දක්වා වැඩි කෙරේ. විගමන කවුඵ සංඛ්‍යාව 21 සිට 53 දක්වාද ආගමන කවුලු සංඛ්‍යාව 27 සිට 83 දක්වාද වැඩි කෙරෙනු ඇත.
No comments:
Post a Comment