
ඔමික්‍රොන් රටවල් 15 කට පැතිරෙයි
මෙතෙක් හදුනාගත් රෝගීන්ගේ ඔමික්‍රොන් රෝග ලක්ෂණ මෘදු බව එම වෛරස ප්‍රභේදය සොයාගත් දකුණු අප්‍රිකානු වෛද්‍යවරිය වන ඇන්ජලීක් කෝට්සි පවසයි. එහෙත් එහි පැතිරිම වේගවත් විය හැක. දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇත්තේ ආසාදිතයින් 100 කට අඩු ප්‍රමාණයකි. අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සදහා බරපතලකම දැන ගැනීමට තවත් කාලය අවශ්‍ය බව ඇය කියා සිටි. මේ වනවිට රටවල් 15 කින් නව ප්‍රභේදය හදුනා ගෙන තිබේ. කැනඩාව ඩෙන්මාර්කය නෙදර්ලන්තය ඔස්ට්‍රෙිලියාව ජර්මනිය හොංකොං බ්‍රිතාන්‍ය ඉතාලිය ඊශ්‍රායලය බොට්ස්වානා බෙල්ජියම ඒ අතර වෙයි. නව වෛරස් ප්‍රභේදය මුලින්ම හදුනාගත් අප්‍රිකානු කලාපිය රටවලට සංචාරය කිරීම ඇමෙරිකාව ද තහනම් කළේය.





No comments:
Post a Comment