
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාට වට්ස්අප් මාර්ගයෙන් දැනුම් දුන් බවට අධිකරණයේදී ප්‍රකාශයක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර එල්ලවන බවට අවස්ථා කිහිපයකදීම තොරතුරු ලැබුණ බවත් එකී තොරතුරු සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට කඩිනමින් ක්‍රියාකළ බවත් රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පවසයි. පාස්කු දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්‍ෂි ලබාදෙමින් හෙතෙම සදහන් කලේ එවකට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට අදාළ තොරතුරු වට්ස්ඇප් මාර්ගයෙන්ද යොමුකළ බවයි. ඊට අමතරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාටද. විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාටද අදාළ තොරතුරු ලබාදුන් බව හෙතෙම අධීකරණය හමුවේ පැවසීය. පුජත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොෂාන් දෙහිවල මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළීතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ මීට පෙර අවස්ථාවලදීද වැදගත් බුද්ධි තොරතුරු දුරකථන පණිවුඩ මාර්ගයෙන් එවකට පොලිස්පතිවරයාට ලබාදුන් බවයි. එවැනි අවස්ථාවලදී පොලිස්පතිවරයා තමාට ස්තුතය පල කර නැවත පණිවුඩ එවා තිබු බවද ඔහු සදහන් කළේය. බුද්ධි තොරතුරක් ලැබුණ විට ක්‍රියා කළයුතු වපසරිය තුළ තමා කටයුතු කර ඇතැයිද නිලන්ත ජයවර්ධන මහතා අධිකරණයේදී කිීවේය. මීලග නඩු විභාගය ලබන වසරේ ජනවාරී මස 18 වැනිදා පැවැත්වෙයි.





No comments:
Post a Comment