යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහි පෙත්සම් ලබන 16 වැනිදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි


යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහි පෙත්සම් ලබන 16 වැනිදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

Share Button

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සහ ගෑස් සැපයීම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහි මුලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 16 වැනිදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. අගවිනිසුරු ජයන්ත ජයසුරිය බුවනෙක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැදවු අවස්ථාවේ මෙම නියෝගය කෙරින. පෙත්සම සලකා බැලීම ලබන 16 සහ 17 යන දිනවල සිදුකරන බවට එහිදී නියම කළේය. විරෝධතා ඇත්තම් ඒවා ලබන මස 06 වැනිදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතාලබන 13 වැනිදා ගොනුකරන ලෙසත් විනිසුරුවරු දැනුම්දුන්හ. පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කාදිනල් හිමිපාණන් සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුඵ පිරිසක් එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ. 

No comments:

Post a Comment