බලශක්ති ඒකාධිකාරය රජය යටතේ පවත්වාගෙන යායුතු බව අවධාරණය කෙරේ


 

බලශක්ති ඒකාධිකාරය රජය යටතේ පවත්වාගෙන යායුතු බව අවධාරණය කෙරේ

Share Button

තෙල් ඒකාධිකාරය රජය සතු විය යුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසීය. එහෙත් ඉන් මිදිමට රජය ක්‍රියාකරන බවට ඔහු චෝදනා කලේය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි ඒ සඳහා පත්කර ඇති කමිටුව අනුමත කර ඇති ඒවාට පමණක් ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා විවාදයට එක්වෙමින් යුගධනව් ගිවිසුම රටේ ආරක්ෂාවට බලපාන බව පැවසීය. බලශක්තිය රජය යටතේ පවත්වාගෙන තෙල් හා ගෑස් අඩු මිලට ලබාදෙන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා ලොව නව ප්‍රවනතාවන්ට අනුව පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කලයුතු බව කීවේය.

No comments:

Post a Comment