පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජකයින් 600 ක්


 

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජකයින් 600 ක්

Share Button

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 06 වන දිනය අදයි. එහිදී විදුලිබල අමාත්‍යංශයේ සහ බලශක්ති අමාත්‍යංශයේ වැය ශිර්ෂ සාකච්ඡාවට ගැනුනි. ඩොලර් ගැටඵව උග්‍රවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා පැවසීය. ගුවන් තොටුපල  වරාය හා ක්‍රිඩා පිටි ඉදිකර ඒවායේ ණය ගෙවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මුල්‍ය අර්බුද ඇතිවු බව ඔහු පෙන්වා දුන්නේය. ඉන්ධන ඒකාධිකාරය කිසිවෙකුටත් ලබානොදෙන බව අමාත්‍ය උයද ගම්මන්පිල මහතා විපක්ෂයෙන් නැගු ප්‍රශ්නයකට පිලිතුරු ලෙස කීවේය.
විවාදයට එක්වු රාජ්‍ය අමාත්‍ය දුමින්දි දිසානායක මහතා කියා සිටියේ මෙගාවොට් 50 කට වැඩි ධාරිතාවෙන් යුත් පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා ආයෝජකයින් 600 ක් ඉදිරිපත්ව සිටින බවයි. 2030 වන විට විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරිම රජයේ ප්‍රතිපත්තියයි. ඊට මෙගාවොට් නවදහසක විදුලි ධාරිතාවක් උත්පාදනය කලයුතුය.

No comments:

Post a Comment