සුරකිමු ගංගා වැඩසටහනට රුපියල් කෝටි 200 ක් වෙන්කෙරේ


 

සුරකිමු ගංගා වැඩසටහනට රුපියල් කෝටි 200 ක් වෙන්කෙරේ

Share Button

සුරකිමු ගංගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ලබන වසර සඳහා රුපියල් කෝටි 200 ක් වෙන්කෙරේ. පළමු මාස 3 ඇතුලත රුපියල් කෝටි 50 ක ව්‍යාපෘති ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කරයි. මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම එහි අරමුණයි. 103 කින් සමන්විත ගංගා පද්ධතිය දුෂණය කරන ස්ථාන එකොලොස්දහසක් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන තිබේ. ඉන් වැඩිම ප්‍රමානයක් ඇත්තේ කැළණිගග ආශ්‍රිතවයි. වැඩසටහන යටතේ කැළණිගග පිරිසිදු කිරීම සඳහා ලබන වසරේ වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

No comments:

Post a Comment